AUS ටෙස්ට් ශූරතාවලියෙන් ඉවතට. NZ අවසන් මහා තරඟයට.



දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමේ බලාපොරොත්තුව ඕස්ට්‍රේලියාවට අවිනිශ්චිත තත්වයකට ගෙන දෙයි.
කෙසේ වෙතත් ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ සත්කාරක රටේ පවතින කොවිඩ්-19 වසංගතය හේතු කොට ගෙනයි.

මෙම පියවර පදනම් කරගෙන ප්‍රසාධ ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ නවසීලන්ත පිල ජුනි 18 සිට 22 වන දින දක්වා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්ව ඇත.

ඉන්දියාව සහ එංගලන්තය අතර එළඹෙන 5 වෙනිදා ආරම්භ වීමට නියමිත තරඟාවලියේ ප්‍රතිඵල මත නවසීලන්තයේ ප්‍රතිවාදියා තීරණය වනු ඇත. තවමත් ඕස්ට්‍රේලියාවට සුදුසුකම් ලැබිය හැකි නමුත් ප්‍රතිඵලය වෙනස් කිරීමේ බලය ඔවුන්ගේ අතේ නැත. මන්ද ඔවුන් අත්හිටුවා දැමුවේ ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පෙර ඔවුනට සහභාගී වීමට තිබූ අවසන් ටෙස්ට් තරඟාවලියයි.

Comments

Popular posts from this blog

පන්දුවට කෙල යෙදීම නිසා අමීර්ට වැඩ වරදි.(Video සහිතයි)

තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith