ශ්‍රීපාලි වීරක්කොඩි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු⁣⁣දෙයි.

34 හැවිරිදි ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ක්‍රීඩිකාව වන රිපාලි වීරකෝඩි 2006 දී ආරම්භ වූ දින සිට එක්දින තරග 89 ක් සහ විස්සයි 20 තරග 58 ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.


 "මම හිතනවා මම හරි තීරණය ගත්තා කියලා. මෙය මට සුදුසුම කාලය. තරුණ ක්‍රීඩිකාවන්ටට අවස්ථාවක් දෙන්න ඕනා. ඒ වගේම මට මගේ අධ්‍යාපන කරයුතු අවසන් කරන්න අවශ්‍යයි" යැයි වීරකෝඩි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් කරමින් කියා සිටියා.තමාගේ ඉවත්ව යාම “පුද්ගලික තීරණයක්” බව වැඩිදුරටත් සදහන් කරමින් ඇය කියා සිට්යා.

 2018 වන තෙක් ශ්‍රී ලංකා සංචිතයේ නිත්‍ය ක්‍රීඩිකාවක් වූ වීරක්කොඩි, ඇයගේ අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන විට, එක්දින තරගවලදී ලකුණු 722 ක් හා කඩුලු 58 ක් ද, විස්සයි 20 තරගවලදී ලකුණු 209 ක් සහ කඩුලු 31 ක් ද ලබා ගත්තේය.  ඇගේ එක්දින ලෝක කුසලාන තුනක් 2009, 2013 සහ 2017 - සහ විස්සයි 20 ලෝක කුසලාන පහක් - 2009, 2010, 2012, 2014 සහ 2018.
ක්‍රීඩාකලේය.
 ඇයගේ අවසන් වරට ක්‍රීඩාකලේ ග්‍රෝස් අයිලට් හි පැවති 2018 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහි තරඟයකි.

 2014 ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ වීරකොඩි මෑතකදී වෘත්තීය යෝග්‍යතා පුහුණුව සදහා යොමු වු අතර ඇය ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකු ලෙස සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව වේ.

Comments

Popular posts from this blog

පන්දුවට කෙල යෙදීම නිසා අමීර්ට වැඩ වරදි.(Video සහිතයි)

තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith