ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අට දෙනෙකු යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අට දෙනෙකු යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එහි කොන්ත්‍රාත් ක්‍රීඩකයින්ට අවසන් නිවේදනයක් නිකුත් කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කෙටි ලැයිස්තුගත ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් යෝග්‍යතා පරීක්ෂණවලට භාජනය වූ අතර ඔවුන්ගෙන් අට දෙනෙකු එම පරීක්ෂණ අසමත් විය. ඒ අතරට ස්ථිර සාමාජිකයන් කිහිප දෙනෙකු සහ සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළත් බව සදහන්වේ.
පෙබරවාරි 3 වනදා පැවැත්වෙන තවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව සදාගැනීමට අවසාන නිවේදනයක් ලබා දී ඇත. ඔවුන් දෙවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ද අසමත් වුවහොත් ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරා ගැනීමට නුසුදුසු වනු ඇත. ශ්‍රී ලංකාව කැරිබියන්හිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ ටී -20 තරග 3 ක් ක්‍රීඩා කරනු ඇත.
ශාරීරික යෝග්‍යතාවය කණ්ඩායම තුළ වැඩි අවධානයක් යොමු වී ඇති අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙම අංශයෙන් උපරිමය ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන බව ආරංචිමාර්ග පවසයි.ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාව අහිමිවිය. ඊයේ පැවැත්වූ දෙවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්ද අවිෂ්ක ප්‍රනාන්දු අසමත් වූ බව පැවසේ.
රෙක්ස් ක්ලෙමන්ටයින් / ද අයිලන්ඩ්)
Comments
Post a Comment