අශ්වින්ටට මගේ කඩුලු 800 වාර්තාව කඩන්න පුලුවන් නමුත් ලියොන්ට බැ. වැඩිපුර කියවන්න


ශ්‍රි ලංකාවෙන් බිහිකල සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් මැතකදි පවසා සිටියේ තමන්ගේ ටෙස්ට් කඩුලු 800 සීමාව පසුකර යෑමට දැනට සිටින පන්දුයවන්නන්ගෙන් අශ්වින්ට එම හැකියාව ඇතිබවත් නතායන් ලියොන්ට එම සීමාවට ලගාවීමට අසීරු බව වැඩිදුරටත් පවසා සිටියා.



දැනට නතායන් ලියෝන් ටෙස්ට් තරග 99 කදි කඩුලු 397 ක් බිද හෙලා ඇති අතර එය සාමාන්‍යක් ලෙස 31.98 ලෙස සටහන් වේ. ඊට සාපේක්ෂව අශ්වින් ටෙස්ට් තරග 74 කදි කඩුලු 377 ක් බිද හෙලා ඇති අතර එය සාමාන්‍යක් ලෙස 25.33 සටහන් වේ. 



අශ්වින්ට හොද අවස්ථාවක් තියෙනවා මගේ වාර්තාව කඩන්න ඒ වගේම ඔහු දක්ෂ පන්දු යවන්නෙක්. මම තවමත් දකින්නේ නැ වර්තමානයේ තරුණ පන්දුයවන්නන් මගේ වාර්තාව කඩයි කියලා. නතායන් ලියොන් කඩුලු 400 ක් ආසන්නයේ සිටියත් මම හිතන්නේ නැ ඔහු 800 සීමාව ඉක්මවා යයි කියලා. මොකද ඔහුට එහෙම කරනවනං තව ගොඩක් තරග ක්‍රිඩා කරන්න වෙනවා.


නතායන් ලියෝන් මේ වන විට 33 වන වියේ සහ අශ්වින් 34 වන වියේ පසුවනවා. නතායන් ලියොන් තමාගේ 100 වන ටෙස්ට් තරගය ඉන්දියාව සමග 15 වන සිකුරාද ගැබා හීීීදි සහභාගි වනවා. මේ වනවිට ඉන්දු ඔිස්ට්‍රේලියා තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අශ්වින් කඩුලු 12 ක් බිදහෙලා ඇති අතර ලියොන් බිදහෙලා ඇත්තේ කඩුලු 6ක් පමණි.




Comments

Popular posts from this blog

පන්දුවට කෙල යෙදීම නිසා අමීර්ට වැඩ වරදි.(Video සහිතයි)

තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith