Posts

Showing posts from January, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අට දෙනෙකු යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

Image
 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ අට දෙනෙකු යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් එහි කොන්ත්‍රාත් ක්‍රීඩකයින්ට අවසන් නිවේදනයක් නිකුත් කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කෙටි ලැයිස්තුගත ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් යෝග්‍යතා පරීක්ෂණවලට භාජනය වූ අතර ඔවුන්ගෙන් අට දෙනෙකු එම පරීක්ෂණ අසමත් විය. ඒ අතරට ස්ථිර සාමාජිකයන් කිහිප දෙනෙකු සහ සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළත් බව සදහන්වේ.  පෙබරවාරි 3 වනදා පැවැත්වෙන තවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව සදාගැනීමට අවසාන නිවේදනයක් ලබා දී ඇත. ඔවුන් දෙවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ද අසමත් වුවහොත් ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරා ගැනීමට නුසුදුසු වනු ඇත. ශ්‍රී ලංකාව කැරිබියන්හිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ ටී -20 තරග 3 ක් ක්‍රීඩා කරනු ඇත. ශාරීරික යෝග්‍යතාවය කණ්ඩායම තුළ වැඩි අවධානයක් යොමු වී ඇති අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙම අංශයෙන් උපරිමය ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන බව ආරංචිමාර්ග පවසයි.ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු යෝග්‍යතා පරීක්ෂ...

අශ්වින්ටට මගේ කඩුලු 800 වාර්තාව කඩන්න පුලුවන් නමුත් ලියොන්ට බැ. වැඩිපුර කියවන්න

Image
ශ්‍රි ලංකාවෙන් බිහිකල සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් මැතකදි පවසා සිටියේ තමන්ගේ ටෙස්ට් කඩුලු 800 සීමාව පසුකර යෑමට දැනට සිටින පන්දුයවන්නන්ගෙන් අශ්වින්ට එම හැකියාව ඇතිබවත් නතායන් ලියොන්ට එම සීමාවට ලගාවීමට අසීරු බව වැඩිදුරටත් පවසා සිටියා. දැනට නතායන් ලියෝන් ටෙස්ට් තරග 99 කදි කඩුලු 397 ක් බිද හෙලා ඇති අතර එය සාමාන්‍යක් ලෙස 31.98 ලෙස සටහන් වේ. ඊට සාපේක්ෂව අශ්වින් ටෙස්ට් තරග 74 කදි කඩුලු 377 ක් බිද හෙලා ඇති අතර එය සාමාන්‍යක් ලෙස 25.33 සටහන් වේ.  අශ්වින්ට හොද අවස්ථාවක් තියෙනවා මගේ වාර්තාව කඩන්න ඒ වගේම ඔහු දක්ෂ පන්දු යවන්නෙක්. මම තවමත් දකින්නේ නැ වර්තමානයේ තරුණ පන්දුයවන්නන් මගේ වාර්තාව කඩයි කියලා. නතායන් ලියොන් කඩුලු 400 ක් ආසන්නයේ සිටියත් මම හිතන්නේ නැ ඔහු 800 සීමාව ඉක්මවා යයි කියලා. මොකද ඔහුට එහෙම කරනවනං තව ගොඩක් තරග ක්‍රිඩා කරන්න වෙනවා. නතායන් ලියෝන් මේ වන විට 33 වන වියේ සහ අශ්වින් 34 වන වියේ පසුවනවා. නතායන් ලියොන් තමාගේ 100 වන ටෙස්ට් තරගය ඉන්දියාව සමග 15 වන සිකුරාද ගැබා හීීීදි සහභාගි වනවා. මේ වනවිට ඉන්දු ඔිස්ට්‍රේලියා තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අශ්වින් කඩ...