බංග්ලාදේශ කණ්ඩායමේ නවක ක්රීඩකයකුට සහ පුහුණු කාර්යමණ්ඩලීය සාමාජිකයකුට කොරෝනා
ටෙස්ට් තරග 03 ක් සදහා ලබන 27 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ නවක ක්රීඩකයකුට සහ පුහුණු කාර්යමණ්ඩලීය සාමාජිකයකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා .. ඒ මෙරටට පැමිණීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයකදී යි
බංග්ලාදේශ පිතිකරු සයිෆ් හසන් සහ කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලීය සාමාජිකයකු වන නික් ලී අඟහරුවාදා COVID-19 වැලදී ඇතැයි වාර්තාවෙනවා. කරන ලද PCR පරික්ෂණ වලින් සනාත වී ඇත්තේ මොවුන්ට කොවිඩ් වැලදී ඇති බවයි.
නික් ලී
සංචිතයේ සාමාජිකයන් දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සදහන් වේ
සයිෆ් හසන්
හසන් මේ වසර මුලදී ටෙස්ට් තරගයට පිවිසියේය. ඔක්තෝබර්-නොවැම්බර් මාසවල නියමිත ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පුහුණු කඳවුරක් මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබිනද එයද දැනට පවතින තත්වය මත අවිනිශ්චිත තත්වයක ඇති බවයි පෙනීයන්නේ.
Comments
Post a Comment