බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය ස්ථීරයි – ශකීබ්ට වසරකට පසු කැදවීමක්

සාකච්ඡා මට්ටමින් පැවති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඔක්තෝබර් 24 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට මෙම තරග සංචාරයට ඇතුළත්ව ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණයි.

20යි 20 තරග 3ක් ද තරග සංචාරයට ඇතුළත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇතත් එක් ටෙස්ට් තරගයක් ඉවත් කර එය පැවැත්විය හැකි බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ.

ඒ පිළිබඳව අවසන් තීරණය දෙරට අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි දින කිහිපය තුලදී ගනු ඇති.බංග්ලාදේශය තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ වසර 6කට පසුව වීම ද විශේෂත්වයක්.

ඔක්තෝබර් 24 වනදා ප්‍රථම ටෙස්ට් තරගය ආරම්භ වීමට දින නියම වී තිබුනද බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස 23 වනදා හෝ 24 වනදා මෙරටට පැමිණිමට නියමිතයි.එහිදී ඔවුන් දින 14 ක නිනිරෝධායන කාල සීමාවකට ද යටත්වනු ඇති.

වර්තමානයේ ක්‍රිකට් තහනමකට ලක්ව සිටින බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසාන් ද බංග්ලාදේශ සංචිතය සමග දිවයිනට පැමිණීමට ඉඩ ඇති බව සදහන්.නමුත් ඔහුට ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඔහුට පනවා තිබෙන තරග තහනම අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 29 වනදායි.

Comments

Popular posts from this blog

පන්දුවට කෙල යෙදීම නිසා අමීර්ට වැඩ වරදි.(Video සහිතයි)

තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith