මට පකිස්තානයට ක්‍රීඩා කරන්න බැරි වුන ගැන කලකිරීමක් තියෙනවා

මම ලාහෝර් වල ගොඩක් සෙල්ලම් කරලා .තියෙනවා. ඒවයේ මම විශාල කාර්ය්‍යක් ඉටු කරා. මම පකිස්ථානයට ගොඩක් සෙල්ලම් කරත් මට හරියට අවස්ථාවක් ලැබුනේ නැ ඒකයි මම කලකිරුනේ යැයි ඉම්රාන් තහීර් මධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියා.

41 හැවිරිදිි ඉම්රාන් තහීර් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වීමට පෙර ඔහු පකිස්ථාන 19න් පහල කන්ඩායම හා පකිස්ථාන A කන්ඩායම නියෝජනය කලා.
ඔහු තම දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වීම ගැන තම බිරිදට කෘතගුණපුර්වක වෙන බව පවසා සිටියා. ඒක ඇත්තටම ගොඩක් අමාරු තීරණයක් වුනා පකිස්ථානය හැර දකුණු අප්‍රිකාවට යැම. නමුත් දෙවියෝ අපිට පිහිට වුනා අපිට ආශිර්වාදයක් වුනා. ඒකේ සම්පුර්ණ ගෙෘරවය තම බිරිද වන සව්ම්‍යා දිල්දාර්ට අයිති බව වැඩිදුරටත් පවසා සිටියා.
තහීර් මෙි දක්වා ටෙස්ට් තරග 20 දි කඩුලු 57 ක් එක්දින තරග 107කදි කඩුලු 173ක් 20/20 තරග 38 කදි කඩුලු 63 ක් බිදහෙලා තිබෙනවා. ඔහු 2019 එක්දින ලෝක කුසලානයෙන් අනතරුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු දුන්නද තවදුරටත් දකුණුු අප්‍රිකාව වෙනුවෙන් 20/20 ජාත්‍යන්තර තරග ක්‍රිඩා කරනවා.

Comments
Post a Comment