පානදුර හි සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව අත්අඩංගුවට

පානදුර හි සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව පානදුර - උතුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ කුසල් විසින් ධාවනය කරන ලද වාහනය 64 හැවිරිදි පාපැදිකරුවෙකු සමඟ ගැටී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.අද අලුයම 5.30 ට පානදුර හි හොරෙතුදුව ප්‍රදේශයේ 13 වන කි.මී. කණුව අසලදී මෙම අනතුර සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ කුසල් මෙන්ඩිස් වෛද්‍යවරයකු ඉදිරියේ විභාගයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෙන්ඩිස් 2015 සිට ශ්‍රී ලංකා කන්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකි. ඔහු 
ටෙස්ට් තරග 44 කදි ජාතික කන්ඩායම නියෝජනය කර ඇති අතර 36.97 ක
සාමාන්‍යක් සහ ලකුණු 2995ක් රැස්කර තිබේ. ඔහු එක්දින තරගවලදි ල
කුණු
2100 කට වඩා ලබාගෙන ඇති අතර සාමන්‍යය 30.02 කි. මෙන්ඩිස් අවසන්
වරට ක්‍රීඩා කලේ මෙරට පැවති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදි 
එක් ශතකයක් සහ එක් අර්ධ ශතකයක් වාර්ථා කිරීමට සමත්විය.

Comments

Popular posts from this blog

පන්දුවට කෙල යෙදීම නිසා අමීර්ට වැඩ වරදි.(Video සහිතයි)

තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith