පන්දුවට කෙල යෙදීම නිසා අමීර්ට වැඩ වරදි.(Video සහිතයි)
මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී එංගලන්තය හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ආරම්භක තරගය අතරතුර පාකිස්තාන පන්දු යවන්නා මොහොමඩ් අමීර් නොදැනුවත්වම පන්දුවට කෙල යෙදුවේය. ක්ෂණිකව ක්‍රියාත්මක වු විනිසුරැවන් පන්දුව සනීපාරක්ෂාව සඳහා යවන ලදි. එම විඩියෝව පහතින් හයවන ඕවරයේ ආරම්භයේදීම එය විනිසුරුවන්ගේ අවධානයට යොමු වූ නමුත් තරගයේ වීඩියෝවකින් හෙළි වී ඇත්තේ අමීර් සිව්වන ඕවරයේදී ද කෙල ආලේප කර ඇති බවයි. වසංගතය මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ පසු සිදුවු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්-එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ඩොමිනික් සිබ්ලි දෙවන ටෙස්ට් තරගයේදී පන්දුව මත කෙල ආලේප කර ඇතත් ඔහුගේ වැරැද්ද පිළිගැනුුුුනි. ජුනි මස මුලදී, අයිසීසී ප්‍රධාන විධායක කමිටුව (සීඊසී) අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුවේ නිර්දේශ අනුමත කරන ලදී. එක් නිර්දේශයක් වූයේ පන්දුව බැබළීම සඳහා කෙල භාවිතය තහනම් කිරීමයි. රීතියට අනුව, “පන්දුව බබළවන්නට කෙල භාවිතා කිරීමට ක්‍රීඩකයන්ට අවසර නැත. කණ්ඩායමකට ඉනිමකට අනතුරු ඇඟවීම් දෙකක් දක්වා නිකුත් කළ හැකි නමුත් නැවත නැවත...